Category: Social
මගෙ කියලා අල්ලගෙන නෑ කියලා හිතනකොට මගෙ නෙමේ කියලා අල්ලගෙනලුනෙ 😬
සමහර විට මේවත් බෞද්ධ ගී වෙන්න පුළුවන් 🤔 ලෝක සිතියම – mithunsk ,dhanith sri අනන්තයට යනවාමයි – සේනක බටගොඩ අපි කවුරුද? – සේනක හද අල්ලන්න යන – wayo/mithunsk හිත හොයන්න – කසුන් කල්හාර තව මොනවාද ? 🤔
සංගා ගෙන් පුල් ශොට් එක හොදට ගහන්නෙ කෝමද ඇහැව්වා ම කියනවා. බෝලෙ එන විදිහට ගහන්න ,පුල් එකක් ගහනවාමයි කියලා හිතාගෙන හිටියොත් හොඳ පුල් එකක් ගහන්න බෑ ,මොකද හැම බෝලෙටම පුල් එකක් ගහන්න බෑ. බැරි ඒවටත් ඒකම try කරන හින්දා . ජිවිතෙ උනත් පූර්ව නිගමන නැතුව (වැරදි කියලා දැනගෙන ) සෙල්ලම් කරන්න බලන්න .🙂
match එක පැරදුනාම බලපු එක වැඩක් නැති වෙනවද? ප්‍රෙමය පැරදුනාම love කරපු කාලෙ අපරාදේ ද? උත්තරය මොකක් උනත් බලන්න මෙ මොහොත උඩ තමා අතීතය නිර්වචනය වෙන්නෙ ...
මම ඉපදුනේ කොළබ එතනදි මන් වෙනුවෙන් නිකුත් කරපු birth chit එක මත හදලා තියෙනවා උප්පැන්නක්. ඒ උප්පැන්න මගෙ ඉස්කොලේ , කැම්පස් එක රස්සාව කරන තැනට දීලා තියෙනවා . ඔය උප්පැන්න දීලා තමා මගෙ අයිඩෙන්ටි කාඩ් එක හදලා තියෙනවා ,ඒකෙ number එකට තමා වාහන , බැංකු ගිණුම් ,ණය විතරක් නෙමේ අවස්ථා දාහකට වඩා ඕක ලියලා ඇති.