Category: Personal
වෙලාව දවල් දෙකත් පහුවෙලා. කර්කෂ අව්ව මැද්දෙ චූටි රෝස පාට කුඩෙත් ඉහලගෙන ශානි වැව පාර දිගේ හනි හනිකට ඇවිදගෙන ඇවිත් සේන මාමාලගෙ කඩුල්ල පැන්නෙ රටක් රාජ්ජයක් දිනුවා වගේ හැගීමකින්. ඉක්මන්ටම කාමරේ දොර ඇරගෙන ඇතුලට ආපු කෙල්ල බෑග් එකත් විසි කරගෙනම ඇදට පැන්නේ හර...
දන්නවද, මං කාගෙවත් ඔරලෝසුවක හිරවෙලා හිටිය කාලයක් තිබුනා. මං ඒ ඔරලෝසුවෙන් ඉල්ලුවා, මං වෙනුවෙන් වෙලාවක් දෙන්න කියලා. ඒත්, මොන කරුමයකද කියලා දන්නෙ නැ. මට හම්බුනෙ ඇබිංදං වෙලාවක විතරයි. ඒකත් දුන්න ගමන් මගෙන් ගන්නවා. ඒකෙන් වැඩ් වෙලාවක් වෙන්කරලා තිබුනෙ ...
තවත් වැහිබර හවසක්. රාජකාරි අහවර කරලා සීතල වතුරින් ඇගපත තෙමාගෙන මං කැමතිම පුටුව අරගෙන ජනේලය ලගින් තියාගත්තේ එළියෙන් එන වැසි පුසුඹ ඉබින්න හිතාගෙනමයි. කෝපි කෝප්පයක් තොලගගා වීදුරු ජනේලයෙන් එලියෙ වැටෙන වැහිබිදු දිහා බලාන ඉදල ඉදල බැරිම තැන බුකිය පැත්තට ගොඩව...
මං ඒක දැක්කෙ අහම්බෙන් වගේ... කවුරු හරි පාගලා, පොඩිකරලා, විසි කරලා දාලා තිබුන මලක්. ඔව්.. රතු රෝස මලක්. හැමතැනම තැලිලා, පොඩිවෙලා තිබුනෙ. ඒත් මට ඒක දැක්කට පස්සෙ අහක බලාගෙන යන්න හිතුනෙම නෑ. ඒ් කියලා මට ඒකට බෙහෙත් කරන්න වෙලාවක් තිබුනෙ නැති බවත් ඇත්ත. ...
වෙලාව හැන්දෑවේ 7ත් පහුවෙලා. වෙනදා වගේම මං එයා එනකං බලාන ඉන්නවා. නෑ.. එයා එනකං මං තවත් බලාන ඉන්නෙ නෑ. ඒ කියන්නෙ තරහකටවත් වෙන මොකක් නිසාවත් නෙමෙයි. එයා දැන් කොහෙ ඉදීවිද, මොනව කරනවද, පරිස්සමින් ද කියලා හොයලා බලලම එයාට ඒක ඇති වෙලා. බාගදා එයාට ඒක කරදරයකුත් ...