web analytics

Category: Personal

ඔබට පෙම් කරමි මම

 ලුණුවල තවරා පාන් බුදිනා කලෙක මෙන්දැඩි උණෙන් පෙලෙමින් මහ රෑ අවදිවකරාමයට මුව තබා දිය බොන කලෙක මෙන්තැපැල්කරු ගෙන ආ බරැති පෙට්ටියකුමක් වේදැයි එතුළ හාංකවිසියකුදු නොම දැනකලබලව, සතුටින්, සැකසංකා ඇතිවවැහුම් අරිනා කලෙක මෙන්ඔබට පෙම් කරමි මම ...

ගංදිය

I ගඟ හරහා වැටුණු මේ තුරු කඳන් අබියස මා ඔරුව නවතන තුරුම පා විණිමි ගංදිය දිගේ මම.  බිඳෙනසුළු තුරුපත්, පන්ගස් මෙන්ම වර්ණ විරහිත ජලතලය හා පාට වියැකෙන දුඹුරු කඳු මත ගලා යයි මෙහි මිහිදුම.   පාවෙන තුරුපතක් වූ ඇය පැමිණ ඇත තුරුවියන යට සිට සර...

මතකය

 මගේ සිත අමතක කර දමයි බොහෝ දේ සංග්‍රාමවල දින, රජවරුන් මැරුණු දින වැනි, එනමුදු, එපිට ගම්මානයේ හෝරා කණුවේ මද්දහන සනිටුහන් කළ, මැයි මහේ අන්තිම නීලවන් මද්දහන් පැය සිහියට නඟා ගත හැක මට හරියටම: රැළි නංවමින් මඟ පසෙක ඇති දියකඳුර මත, සුළඟක් හමා...

සැරිසැරීම

 හදවත තවමත් ප්‍රේමයෙන් පිරුණදසඳවතිය තවමත් සුදිලෙමින් තිබුණදනොයමුය ඉදින් තවත් සැරිසරන්නටරැයේ ඒතරම් පමාවන තුරුමඅසිපත ලන කොපුව, අසිපතට පෙර වැනසෙන නිසාආත්මය නැසී යනු පළමු ළය වැනස යන නිසාහුස්ම ගනු පිණිස හද මඳකට නතර විය යුතු නිසාආදරයම වුවත්, ඉසිඹු ලෑ යු...